පන්නන අයට මහින්දගෙන් වගකීම්.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතීත්වය දැක්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කරන ආසන සංවිධායකවරුන්ට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැඟෙන ආණ්ඩු විරෝධී නව දේශපාලන ව්‍යාපාරයක වගකීම් ලබාදීමට තීරණය කර ඇති බව රාජපක්ෂ මහතාට සමීප දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

මේ පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතරද සාකච්ඡා සිදුකෙරෙමින් පවතින අතර මෙසේ ඉවත් කරන ලද ආසන සංවිධායකවරුන් කිහිපදෙනකුම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කර තිබෙන බවද දැනගන්නට ඇත. 

Share on Google Plus