මැයි දිනයෙන් පසු මහින්දවාදීන්ට වෙන දේ.


මහින්දවාදී කඩාකප්පල් කරුවන් පක්ෂයෙන් ඉවත් කර දමන මෙන් මෛත්‍රි පාර්ශ්වයේ සාමාජිකයින්ගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැඩි බලපෑමක් එල්ල වන බවත් එළඹෙන මැයි දිනයෙන් අනතුරුව මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් වාර්තාවේ.

ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂ මැයි රැළියට සහභාගී නොවී වෙනත් මැයි රැළි සඳහා සහභාගී වන සියළු ශ්‍රීලනිප සාමාජිකයින් නෙරපා දැමීමටත් බරපතළ චෝදනාවන්ට ලක්ව සිටින පක්ෂයේ ප්‍රබලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් මෙසේ පක්ෂ බලවේග ජනපතිවරයාට බලපෑම් කරමින් සිටිති.

ඒ අනුව ආරම්භයක් ලෙස මැයි දිනයෙන් පසුව පළාත් සභා ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කරමින් මහින්ද පාර්ශ්වයේ පිරිස් ඉවත්කර මෛත්‍රී පාර්ශ්වයේ පළාත් සභා නියෝජිතයින්ට එම තනතුරු ලබා දීමට නියමිතව ඇති බව ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.

Share on Google Plus