අපිට, මහින්ද ආවත් එකයි නාවත් එකයි.


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනුශාසකවරුන් ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත් ගාල්ලේ පැවැත්වෙන මැයි රැළියට සහභාගි වන ලෙස පක්‍ෂය නිල වශයෙන් ආරාධනා කළ බවත් මහින්ද රාජපක්ෂ මහතා ආවත් නැතත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මැයි රැළිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මහජන ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

නිදහස්‌ පක්‍ෂ මැයි රැළියට පැමිණෙන ලෙස තමන්ට ආරාධනා කර නැති බව පසුගියදා මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණද මේ වනවිට එම ආරාධානාව නිල වශයෙන්ම ඔහු වෙත යොමු කර ඇති බැවින් දැන් එලෙස ඔහුට කිව නොහැකි බව දිසානායක මහතා පැවසා ඇත.

පක්‍ෂයේ මැයි රැළිය පවත්වද්දී වෙනත් පක්‍ෂවල මැයි රැළිවලට සහභාගි වීමට පක්‍ෂයේ කිසිදු ශ්‍රීලනිප ක්‍රියාකාරිකයකුට අවසර දී නැති බවත් එවැනි පසුබිමක්‌ තුළ පක්‍ෂයේ උපදෙස්‌ කඩකරමින් වෙනත් මැයි දින රැළියකට යම් ක්‍රියාකාරිකයකු සහභාගි වන්නේ නම් ඔවුන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බවත් හෙතෙම වැඩිදුරටත් කීය. 

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙරද අවස්ථා කිහිපයකදීම මෙලෙස දඬුවම් ලබා දෙන බවට ප්‍රකාශ කළද පක්ෂයේ තීරණ කඩ කළ අය සම්බන්ධයෙන් පසුව අනුගමණය කළේ ඇල් මැරුණු ස්වභාවක් බැවින් දඬුවම් දෙන්නේ යැයි කරන ප්‍රකාශ මේ වනවිට සමාජය ඉදිරියේ අවලංගු ප්‍රකාශ බවට පත්වෙමින් තිබේ.

Share on Google Plus