පැරදිලා යනකොටත් මමයි ජනපති.


පසුගිය ජනාධිපතිරවණයෙන් පරාජයට පත්වී ජනපති මන්දිරයෙන් හා අරලියගහ මන්දිරයෙන් ඉවත්වෙන විට අවසාන ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට  පත්කර තොතිබූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. 

බී.බී.සී. සිංහල සන්දේශය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සඳහන් කළ හිටපු ජනතිවරයාට මැතිවණයෙන් පරාජය වී ගෙදර යාම සඳහා හෙලිකොප්ටරයක් ලබාදුන් බවත් ලෝකයේ එවැනි දෙයක් සිදුවූයේ පළමු වතාවට බවත් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

"මම හෙලිකොප්ටරෙන් යනකොට ප්‍රතිඵල ඇවිල්ලත් නෑනේ? එතකොට මැතිවරණ කොමසාරිස්වරයා නිල ප්‍රතිඵල ප්‍රසිද්ධ කරලා නෑ. සිරිසේන එතකොටත් විපක්ෂයේ අපේක්ෂකයා. එයාව සොයා ගන්න බැරිවුනා මට. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයාට කතා කරලා මම උදේ හයට පිටත් වුනේ." යැයි හිටපු ජනපතිවරයා සඳහන් කර තිබේ.

Share on Google Plus