මහින්දගේ පැත්ත මාරු වෙයි.


මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රජය ප්‍රකාශයට පත්කළ නැකැත් වේලාවන් නිවැරැදි නොවන බව පවසමින් බස්නාහිර වෙනුවට වයඹ දිශාව බලා හිසතෙල් ගෑමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තේය.

අස්ගිරි මහනායක වරකාගොඩ ඥානරතන මහනාහිමියන් හිටපු ජනපතිවරයාගේ හිස තෙල් ගැල්වීම සිදුකරනු ලැබූහ.

මෙවර අවුරුදු නැකැත් වේලාවන් පස්වරු කාලයට යොදා ඇත්තේ රජයේ අවශ්‍යතාවකට අනුව මිස නිවැරැදි ජ්‍යෙතිෂ කාලවේලාවන් අනුව නොවන බවත් මේ පිළිබඳ රටේ විවිධ මත පළවෙමින් තිබෙන බවත් මෙහි දී මහින්ද රාජපක්ෂ මහතා කීය.

‍බස්නාහිර බලා හිස‍තෙල් ගෑම අසුබ බවට මතවාද පවතින බැවින් තමන් වයඹ දිශාව බලා එම චාරිත්‍රය ඉටු කළ බවත් හෙතෙම පැවසුවේය. 

Share on Google Plus