බඩු මිල අහස උසට, අවුරුදු සමරන්නේ කොහොමද? - මහින්ද.


බඩු මිල ඉහළ ගොස්‌ ඇති නිසා ජනතාවට අවුරුද්දක්‌ කොයින්දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා රජයෙන් ප්‍රශ්න කළේය.

අවුරුද්ද පැමිණියත් ජනතාවගේ ජීවන බර අහස උසට ඉහළ ගොස්‌ ඇති බවත් එවැනි තත්ත්වයක්‌ තුළ ජනතාව අවුරුදු කන්නේ කෙසේද යන්න හෙතෙම විමසීය.

රාජපක්‌ෂ මහතා මෙම අදහස්‌ පළ කළේ තංගල්ල - අඟුණකොළපැලැස්‌ස අලුත්වැව පුරාණ විහාරස්‌ථානයේ පැවැති ජන හමුවකදීය. 

මෙදින ඇස්‌ කණ්‌ණාඩි ලබාදීමේ සත්කාරක වැඩසටහනටද රාජපක්‌ෂ මහතා එක්‌ විය.

දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් රාජපක්‌ෂ මහතාගේ දායකත්වයෙන් ඇස්‌ කණ්‌ණාඩි ලබා දීම සිදුවිය.

එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. 

අපේ රජය කාලයේ විභාග ප්‍රතිඵල වලින් මුල් 10 ගත්විට ඉන් 8 ක්‌ම ගමේ පාසලේ දරුවන් සමත් වුණා. ඒකයි ඇත්ත අද අධ්‍යාපනය කුණු කූඩයට ගිහිල්ලා. ආර්ථිකය සහමුලින්ම කඩා වැටිලා. රටේ සංවර්ධන කටයුතු සියල්ලම අඩපණ වෙලා. වෛරය, ක්‍රෝධය, පළි ගැනීම් නතර කරලා මෛත්‍රිය කරන්න අපි යහපාලන පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා යෑයිද රාජපක්‌ෂ මහතා කියා සිටියේය. අපි එදා ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති සියල්ලම නැවතිලා. අධිවේගී මාර්ග සංවර්ධනයද ඒ අතර වෙනවා. අද හම්බන්තොට ප්‍රදේශයට වෙලා තියෙන්නේ කුමක්‌ද? සියල්ල අඩපණ වෙලා. නගර අඳුරේ පවතිනවා. මේවා තමයි යහපාලන ආණ්‌ඩුවේ වැඩ. මේවා ජනතාවට පෙනෙන්නේ නැද්ද? කම්කරුවාගේ ඉඳලා විධායක ඉංජිනේරුවරයා දක්‌වාම පිරිස්‌වලට රැකියා අහිමි වුණා. ඔන්න රජය රැකියාදෙන විදිය. කොන්ත්‍රාත්කරුවන් වැඩ නැතිකමින් දහස්‌ ගණනින් පවුල් අනාථ වෙලා. සිංහල අවුරුද්දට බඩු මිල ඉහළ ගිහිල්ලා. දුප්පත් ජනතාවට තිබෙන අවුරුද්ද මොකක්‌ද, පොදු වැඩ සහමුලින්ම නතර කරලා. අපි ආරම්භ කරපු මහින්දොaදය විද්‍යාගාර විවෘත කිරීමට මේ රජයට බැරි වෙලා. විද්‍යාගාර හැදුවා වගේම අවශ්‍ය උපකරණ ලබා දුන්නා. එහි ප්‍රතිඵල අපේ ළමයින්ට ලබා ගැනීමට අවස්‌ථාව නැති වී තිබෙනවා. පාලකයන්ට මෛත්‍රිය පහළ වේවා මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.

Share on Google Plus