සංධානයේ මැයි රැළිය අවුලක.


එක්සත් ජනතා නිදහස් සංධානයේ මැයි රැළිය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සංධානයේ සෙසු පක්ෂ අතර මත ගැටුමක් නිර්මාණය වී ඇත. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය මෙවර ගාල්ලේදී පැවැත්වීමට පක්ෂය තීරණය කර ඇත. 

ගාල්ලේ පැවැත්වෙන මෙම මැයි රැළිය සදහා සංධානයේ සෙසු පක්ෂද සහභාගී විය යුතු බව මහ ලේකම් මහින්ද අමරවීර මහතා දැනුම් දී ඇත. කෙසේ වෙතත් ශ්‍රිලනිපයේ මහින්ද හිතවාදී පාර්ශවය හා සංධනයෙන් වෙන්ව කටයුතු කරන සෙසු පක්ෂ එක්ව වෙනම මැයි රැළියක් කිරැළපනදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 

මේ හේතුවෙන් මහින්ද පිළ නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සංධානය අතර මේ වන විට මැයි රැළිය සම්බන්ධයෙන් අර්බුධකාරී තත්ත්වයක් මතුව ඇත. ගාල්ලේ මැයි රැළියට සම්බන්ධ නොවන සංධාන මන්ත්‍රීවරැන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද සංධාන මහ ලේකම් මහින්ද අමරවීර මේ වන විටත් ප්‍රකාශ කර ඇත. 

Share on Google Plus