රට පුරා මැයි රැලි සහ පෙළපාළි.


මෙවරත් කම්කරු දිනය සමරමින් විවිධ දේශපාලන පක්ෂ, සංවිධාන සහ වෘත්තීය සමිති සංවිධානය කරන මැයි දින සැමරුම් දිවයින පුරා පැවැත්වේ. පහත දැක්වෙන්නේ විවිධ පක්ෂ විසින් පවත්වනු ලබන මැයි දින වැඩසටහන් සහ පැවැත්වෙන ස්ථානයි.

x එක්සත් ජාතික පක්ෂය - පෙළපාළිය මාලිගාවත්ත ප‍්‍රදීපා මාවතෙන් ආරම්භ වෙන අතර රැලිය කැම්බල් පිටියේ දී පැවැත්වේ.

x ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය - පෙළපාළිය අධිවේගී පිවිසුම් මාර්ගය අසලින් සහ ගාල්ල මහමෝදර රෝහල අසලින් ඇරඹෙන අතර රැලිය ගාල්ල සමනළ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

x ඒකාබද්ධ විපක්ෂය - පෙළපාළිය ශාලිකා ක‍්‍රීඩාංගණය අසලින් ඇරඹෙන අතර රැලිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

x ජනතා විමුක්ති පෙරමුණ - පෙළපාළිය දහවල් 12ට එස්. ද. එස්. ජයසිංහ පිටියෙන් ඇරඹෙන අතර රැලිය සවස 3ට BRC පිටියේ දී පැවැත්වේ.

x පෙරටුගාමී සමාජවාදී පක්ෂය - පෙළපාළිය උදෑසන 10ට රත්නම් පිටියෙන් අරඹා රැලිය සවස 3ට පිටකොටුවේ දී පැවැත්වේ.

x දෙමළ ජාතික සන්ධානය - යාපනයේ දී පැවැත්වේ

x නව සම සමාජ පක්ෂය - පෙළපාළිය සෝන්ඩර්ස් පෙදෙසින් ආරම්භ වෙන අතර රැලිය කොළඹ ගුණසිංහපුර හයිඩ් පිටියේ දී පැවැත්වේ.

x එක්සත් සමාජවාදී පක්ෂය - පෙළපාළිය ඔරුගොඩවත්ත රජයේ ගබඩා සංකීර්ණය අසලින් ඇරඹෙන අතර රැලිය කොළඹ කොස්ගස් හන්දියේ දී පැවැත්වේ.

x ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය - පෙළපාළිය රාජගිරිය HSBC බැංකුව අසලින් ආරම්භ වෙන අතර රැලිය බත්තරමුල්ල බුද්ධදාස ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

x සමාජවාදී සමානතා පක්ෂය - කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වේ.

x ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායම, ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායම සහ ජාතික වෘත්තීය සමිති පෙරමුණ - පෙළපාළිය නාරාහේන්පිට පොලිස් රෝහල අසලින් ආරම්භ වෙන අතර රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී පැවැත්වේ.

Share on Google Plus