ලියුමක් නිසා ඒකාබද්ධය ඉවරයි.


ඒකාබද්ධ විපක්‍ෂය නමින් සිදු කෙරෙන ප‍්‍රවර්ධනයන් දෝෂ සහගත බව කතානායකවරයා විසින්ද අවධාරණය කර ඇති බැවින් එය ප‍්‍රවර්ධනය කිරීම සඳහා දායකවීම තුළින් අනවශ්‍ය, අහිතකර හා නීතිවිරෝධී  පූර්වාදර්ශයක් සමාජගත විය හැකි බව පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

එහි ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ප‍්‍රධාන පක්‍ෂයක් නියෝජනය කරන මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු එක්ව ඒකාබද්ධ විපක්‍ෂය නමින් කිසියම් සංවිධානාත්මක දේශපාලන කටයුත්තක නිරතවී ඇති බවට විවිධ වාර්තාවල කරුණු සදහන් වන බවයි. 

ඇතැම් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් කිසිදු වගවිභාගයකින් තොරව ඒකාබද්ධ විපක්‍ෂය යන්න ප‍්‍රවර්ධනය කිරීම සදහා අනුබල දෙමින් සිටින බව වාර්තා වී ඇතැයිද ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.   

මෙවැනි පූර්වාදර්ශයක් සමාජගතවීම මගින් ජනමාධ්‍ය වන අප නීතිය ඉදිරියේ ප‍්‍රතිබන්ධනය වීමටද ඉඩ ඇතැයි අමාත්‍යාංශ ලේකම්වරයා අදාළ නිවේදනයෙන් දන්වා තිබෙනවා.

Share on Google Plus