ජනපති කැඳවූ මාධ්ය සාකච්ඡාව රාජ්‍ය මාධ්‍ය වර්ජනය කරයි.


රටේ වත්මන් දේශපාලන ආර්ථික හා පොදු තත්ත්වයන් පිළිබදව මාධ්‍ය ප්‍රධානින් දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා කැඳවා තිබූ විශේෂ මාධ්ය් හමුවක් අද (27) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

ජනමාධ්ය  අමාත්ය ගරු ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන, අභිනව අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ, ප්රණවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය දර්ශනී ඇතුළු ජනාධිපති මාධ්ය අංශයේ ප්‍රධානීන් සහ සියළු විද්යුමත් සහමුද්‍රිත මාධ්යය නියෝජනය කරමින් මාධ්ය  ආයතන ප්ර‍ධානීන්, ප්රනවෘත්ති අධ්යමක්ෂවරුන් සහ කතෘවරුන් ද මෙම සාකච්ජාව සදහා සහභාගි විය.

මෙම සාකච්ඡාවේ විශේෂත්වය වුයේ, රටේ ජනාධිපතිවරයා 2016 වසරේ ප්රහථම වරට නිල වශයෙන් සියළු මාධ්යය ප්ර්ධානීන් මුණ ගැසීමයි. මෙම අවස්ථාවට හිරු, සිරස, දෙරණ, ස්වර්ණවාහිනී, ප්රීමුඛ සියළු පෞද්ගලික විද්යුත් මාධ්යජ ආයතන හිමිකරුවන් සහ ප්රෙධානීන් සහභාගී විය. 

ලංකාදීප, මව්බිම, රිවිර, ඉරුදින ඇතුළු සියළු පෞද්ගලික මුද්‍රිත මාධ්යය ආයතන හිමිකරුවන් සහ ප්රවධානීන් ද එක්විය.

රාජ්යර මාධ්යක ආයතන නියෝජනය කරමින් ජාතික රූපවාහිනිය, ගුවන්විදුලිය සහ ලේක්හවුස් ආයතනයේ ප්ර ධානීන් හා අධ්‍යක්ෂකවරුන් සහභාගී වුවද ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති හෝ කිසිඳු ප්රහධානියෙකු මෙම අවස්ථාවට සහභාගී නොවීම කැපී පෙනෙන ලක්ෂණයක් විය. එසේම එය උදෑසන ආහාර ගන්නා අවස්ථාවේදී බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ කාරණයක් ද විය. 

බොහෝ දෙනා පැවසූයේ මහින්ද රාජපක්ෂ සමයේදී රාජ්යර මාධ්යග ආයතන ප්රපධානීන් මෙලෙස කටයුතු කළේ නම් සිදුවන දේ කිවයුතු නොමැති බවයි.

මෙම හමුව සම්බන්ධිකරණය කිරීමේ කටයුත්ත පැවරී තිබුනේ ජනාධිපති ජේෂ්ඨ මාධ්‍ය අධ්‍යක්ෂක ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා වෙතයි.

මාධ්යි නිදහස අයුතු ලෙස භාවිතයත්, යහපාලන ක්රපමවේදය ඉදිරියට දමමින්  රජයේ මාධ්ය යන් සැළකිය යුතු දායකත්වයක් රජයේ සංවර්ධන කාර්යන්ටවත් ලබා නොදෙන බව බොහෝ මැති ඇමතිවරුන්ගේ මෙන්ම අගමැති, ජනාධිපතිගේද අදහස වී තිබෙන බවයි.

Share on Google Plus