INTEL රැකියා 12000ක් කපා දමයි.



ලොව පුරා පුද්ගල පරිගණක වෙළෙඳ පොළ පහළ බැසීමත් සමග ඉන්ටෙල් සමාගම ලොව පුරා සිය සමාගම්වල සේවකයන් 12,000ක් පමණ අඩු කිරීමට සැරසෙන බව වාර්තා වෙයි.

එය ඉන්ටෙල් සමාගමේ සමස්ත ශ්‍රම බලකායෙන් 11% ක පමණ කපා හැරීමක් බවත්, සිය ව්‍යාපාර මුහුණුවර වෙනස් කිරීමේ අරමුණින් මෙම සේවක කප්පාදුව සිදුකරන බවත් කියැවෙයි.

ඒ අනුව, ඉන්ටෙල් සමාගමේ සමාරම්භක පුද්ගල පරිගණක නිෂ්පාදනයෙන් ඔබ්බට යමින්, ඉදිරියේදී දත්ත මධ්‍යස්ථාන හා අන්තර්ජාලය හා සම්බන්ධ උපකරණවලට අවශ්‍ය මයික්‍රොචිප නිෂ්පාදනය කෙරෙහි එම සමාගම කටයුතු කරනු ඇති බවද කියැවෙයි.

ඉන්ටෙල් සමාගම මෙන්ම, පුද්ගල පරිගණක නිෂ්පාදනයේ යෙදී සිටි හෙව්ලෙට් පැකාඩ් සහ මයක්‍රොසොෆ්ට් සමාගම්ද මෙම පුද්ගල පරිගණක වෙළෙඳ පොළේ කඩා වැටීම පිළිබඳව අවබෝධ කරගෙන සිටින බවද විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම, වර්තමානයේ නවක පරිගණක තාක්ෂණික සමාගම් පුද්ගල පරිගණක අවශ්‍යතා ජංගම දුරකථනය තුළට කැටි කිරීමට කටයුතු කරමින් සිටීමත්, සමාගම් හා කර්මාන්තශාලා ඩෙස්ක්ටොප් පරිගණක වෙනුවට විශාල පරිගණක වෙත යොමු වීමත් දක්නට ලැබෙන්නක් බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

Share on Google Plus