හෝමාගම බන්දුල ඉවතට - අලුත් කෙනත් තෝරලා.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම ආසන සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඉවත් කිරීමේ සූදානමක් පවතින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළතදී එම ධුරය සඳහා බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පත්කිරීමට නියමිත බවද වාර්තා වේ.

ගාමිණී තිලකසිරි මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ, හෝමාගම ආසන සංවිධායක ධුරය ඒ මහතාට ලබාදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වී ඇති බවයි.


Share on Google Plus