'වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ'


'අපි කැම්බල් පිටියට ගේන සෙනග වගේ සෙනගක් පුළුවන්නම් කිරුළපනට ගෙනැල්ලා පෙන්වන්න කියලා මම ඒකාබද්ධ විපක්ෂයේ කට්ටියට අභියෝග කරනවා' යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

'මෙතෙක් කල් තිරය පිටුපස හැංගිලා හිටපු සුපර් මෑන්ලා දැන් එළියට බැහැලා. ඒගොල්ලන් ගමේ මිනිසුන්ට සල්ලි දීලා කිරුළපනට ගේන්න හදනවා. ඒත් අපි කියන්න කැමතියි අර සිංදුවක තියෙනවා වගේ, වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ' කියලා. ඒක නිසා ජනතාව දන්නවා ඒ සුපර් මෑන්ලාගේ හැටි‘ යැයි ද ඇමැතිවරයා කීය.



Share on Google Plus