හිරුණිකා ගැන නීතිපති නිහඬයි.


පුද්ගලයෙකු පැහැරගෙනයාම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 8 දෙනෙකුට එරෙහි නඩුවට නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කරන බව පොලීසිය විසින් අධිකරණයට දන්වා තිබේ.

අදාළ නඩුව අද(18)කැඳවූ අවස්ථාවේදී හිරිණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.

එහිදී පොලීසිය විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

නීතිපති උපදෙස් ලැබීමෙන් පසු ඉදිරි කටයුතු සිදුකරන බව පොලීසිය විසින් මෙහිදී අධිකරණයට දන්වා සිටින ලදී.

අදාළ නඩුව අගෝස්තු මස 26 වන දිනට කල්තැබුණු අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් දැනුම් දී තිබේ.

Powered by Blogger.