එජාප සංවිධායකයෙක් ඉල්ලා අස්වෙයි - යලිත් අර්බුධයක්ද?


පාතදුම්බර එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක හරීන්ද්‍ර දුනුවිල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. තම ඉල්ලා අස්වීමේ ලිපිය පක්‍ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාරදීමට පියවර ගත් බවයි හරීන්ද්‍ර දුනුවිල මහතා ප‍්‍රකාශ කළේ.

ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී පාතදුම්බර ආසනය එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කළද ඉකුත් මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වීමට දුනුවිල මහතාට හැකිවුයේ නැහැ. අවම වශයෙන් පළාත් සභා මන්තී‍්‍ර ධුරයක් හෝ නොමැතිව සිය ඡන්ද දායකයන් හට සේවයක් සැලසීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.


Share on Google Plus