ගෝඨාභය ඇමරිකාවට ගිහින්.


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා (08) ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇති බව ඔහුගේ සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ඇමරිකාවේ සංචාරය සඳහා ගොස් ඇත්තේ ඔහුගේ බිරිඳගේ පියා අසාධ්‍ය තත්වයෙන් පසුවන නිසා බව එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ නමුදු ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාවට යාමට පෙර, එරට තුළදී කිසිදු අත්අඩංගුවට ගැනීමකට ලක් නොකරන බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් පොරොන්දුවක් ලබාගත් බව සඳහන් වේ. ඒ මහතා නැවතත් මැයි මස පළමු සතියේදී ශ්‍රී ලංකාව බලා ඒමට නියමිත බව සදහන් වේ. 

Share on Google Plus