එකම ගැහැණියක් නිසා මන්ත්‍රී සහ මන්ත්‍රී පුතෙක් සුපිරි හෝටලයකදී අැනගනී. (gossip) - Info Sri Lanka News | Sinhala

එකම ගැහැණියක් නිසා මන්ත්‍රී සහ මන්ත්‍රී පුතෙක් සුපිරි හෝටලයකදී අැනගනී. (gossip)


එකම කාන්තාවකට ලොබ වී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් හිටපු අමාත්‍යවරයකුගේ පුතෙකු සහ පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු අතර ගැටුමක් ඇතිව තිබෙනවා. කොළඹ සුපිරි හෝටලයකදී මෙම ගැටුම ඇතිවූ බවයි වාර්තා වන්න‍ේ.

හිටපු ඇමති පුත්‍ර‍යා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු බවද පැවසෙනවා.

ගුටි හුවමාරුවෙන් පසු දෙදෙනාම පොලිසියට ගොස් ඇතත් එහිදී දෙදෙනාටම සිදුවන ලැජ්ජාව නිසා පැමිණිලි සටහන් නොකරම සමාදාන වීමට දෙදෙනාම කැමැත්ත පළ කර ඇති බවයි පැවසෙන්නේ. ගුටි බැට හුවමාරුව අතරතුර හෝටලයේ දේපොළවලට සිදුවූ අලාභය ගෙවන ලෙස හෝටල් පාලනාධිකාරිය මොවුන් දෙදෙනාට දැනුම්දී තිබෙනවා.


Share on Google Plus