මහින්ද එක්ක ගියාට - ගීතා සංවිධායක ධුරයෙන් ඉවතට.


පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර - ඇල්පිටිය අසන සංවිධායක ධුරයෙන් වහාම ඉවත් කිරීමට එම පක්ෂයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ඇය වෙනුවට අද (28) එම ආසනයට අලුතින් සංවිධායකයින් දෙදෙනෙකු පත් කිරීමට නියමිත බවද පැවසේ.

කිරුලපන නගරයේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ මැයි රැලියට පුළුල් ප්‍රචාරයක් දෙමින්, එම රැලියට සහභාගී වන ලෙස ඉල්ලා ඇය ගාලු දිස්ත්‍රීක්කය පුරා පෝස්ටර් අලවා තිබු අතර, එම රැලිය සංවිධානය කරන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමග ගාල්ලේ පැවති රැස්වීම් කිහිපයකට යමින් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කර තිබීම ඊට ආසන්නම හේතුව බව ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.

මේ අතර ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුමට සහභාගි නොවී වෙනත් සැමරුම්වලට සහභාගි වන ආසන සංවිධායකවරුන් ඉවත් කර නව ආසන සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති අතර, ඒ අනුව අදාළ ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමත් සමග ඇතිවන පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා නව ආසන සංවිධායකවරුන් හඳුනාගැනීම සඳහා  දැනටත්  සම්මුඛ පරීක්ෂණ ආරම්භකර ඇත.

-SLM

Share on Google Plus