'ගම්උදාව' සජිත්ගෙන් ගලවයි.


රණසිංහ ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ ගම්උදා ව්‍යාපාරය නැවත පණ ගැන්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ. 

මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර වසර ගණනාවක් පුරා අකර්මණ්‍යව පවතින පසුගිය එජාප පාලන සමයේ මෙවැනි ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ඒ අනුව යොවුන් පුරයද පසුගිය දා සීගිරියේදී නැවත ආරම්භ විය. 

එලෙසම ගම් උදාව ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර එය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් ඉවත් කොට අගමැතිවරයා යටතට ගැනීමට නියමිතය. 

අගමැතිවරයාගේ චීන සංචාරයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් අදාල ක්‍රියාමාර්ග ගනු ඇත. 

Share on Google Plus