බේරේ වැවේ ගඳ නොබේරේ, බලධාරීන් බේරේ.


කොළඹ කොටුව පාවෙන වෙළඳපල ඉදිකර තිබෙන ජලාශයේ අධික දුඟදක් වහනය වන බවට ජනතාව චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් අප කල සොයාබැලීමක දී වාර්තා වුයේ ජලාශයේ පවතින ඇල්ගී විශේෂයක් හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවයි.

මීට පෙර අදාල ඇල්ගී විශේෂය මර්ධනය කිරීමට රසායනික වර්ගයක් භාවිත කල ද මේ වන විට එසේ සිදු නොවන බවයි අප වෙත වැඩිදුරටත් වාර්තා වුයේ.

කෙසේ නමුත් උත්සව සමයේ වැඩි පිරිසක් මෙම ප්‍රදේශයට පැමිණෙන බැවින් ඒ පිළිබඳව කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

Share on Google Plus