මහානාම විදුහල්පතිට එරෙහි චෝදනා පුස්සක්. (Exclusive)


දින කිහිපයක පටන් කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති ප්‍රසන්න උපශාන්ත මහතාට එරෙහිව මාධ්‍ය කිහිපයක් විසින් එල්ල කළ චෝදනා මුළුමනින්ම සාවද්‍ය වන බවට Info Sri lanka News වෙත වාර්තා වේ.

එහිදී ගොසිප් අඩවි සහ මාධ්‍ය කිහිපයක් තම වෙබ්අඩවි වල 'හිට්ස්' ඉහල නංවාගැනීමෙන් විනා සත්‍ය කුමක්ද යන්න සොයා බැලීමට උත්සුක වුයේ නැත.

කෙසේ නමුත් මේ වන විට මාධ්‍ය කිහිපයක මෙම ක්‍රියාකලාපයට එරෙහිව, විදුහල්පතිවරයාගේ මෙන්ම පාසලේ කීර්තිනාමය රැකදීම වෙනුවෙන් පාසලේ ශිෂ්‍යයින් මෙන්ම දෙමාපියන් සහ ආදී ශිෂ්‍යයින් විසින් මැදිහත්වීමට තීරණය කර ඇති වාර්තා වෙයි.

එහි එක් පියවරක් ලෙස විදුහල්පතිවරයාට කොන්දේසි විරහිතව පක්ෂපාතීත්වය දක්වන පෙත්සමක් අද දින අත්සන් කිරීමට නියමිතව ඇත.

මහානාම විදුහලේ ඇතිව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අප වැඩිදුරටත් කළ කරුණු විමසීමේදී එහි ආදී ශිෂ්‍ය සංගමයේ නියෝජිතයකු අප හා පවසා සිටියේ විදුහල්පතිවරයා පාසලේ උන්නතිය වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගත් බවත් එමගින් පාසලේ කීර්ති නාමය වඩා ඔපවත් කළ බවත් මෙම ක්‍රියා මාර්ග සහ වැඩපිළිවෙළ දරාගත නොහැකි පාර්ශවයන් විසින් සංවිධානාත්මක මඩ ව්‍යාපාරයක් පාසලට සහ විදුහල්පතිවරයාට එරෙහිව දියත් කොට ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ තම සංගමය මැදිහත්ව එහි ඇත්ත නැත්ත රටට සහ වගකිවයුතු පාර්ශව වෙත හෙළිකරන බවය.

මෙම සිදුවීමට අදාල ලිපි කිහියක් පහතින්,




Share on Google Plus