මහින්දගේ මාධ්‍ය ලේකම් මහ රෑ මෛත්‍රී හමුවෙයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ වර්ථමාණ මාධ්‍ය ලේකම් වශයෙන් කටයුතු කරන රොහාන් වැලිවිට මහතා සහ ඔහුගේ බිරිඳ පසුගිය 27වෙනි දින රාත්‍රියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමු වී CSN නාලිකාවේ කළු සල්ලි ජාවාරම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට තිබෙන අවධානම ඉවත් කර දෙන්නැයි ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙහිදී රොහාන් වැලිවිට මහතා ජනාධිපතිවරයාවෙත පොරොන්දුවක් ලබා දෙමින් ඕනෑම දෙයක් කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇතැයි හෙළි වේ. එම රූපවාහිනී නාලිකාව යොදාගෙන කළු සල්ලි සුදු කිරීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ ඇතුළු ප්‍රකාශ ලබා ගතයුතු සියළු දෙනා මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිට අදාළ ප්‍රකාශ ලබා දිය යුතු බව අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබේ. 

එම පරීක්ෂණ ඉදිරියට යෑමේදී රෝහාන් වැලිවිට මහතා අත්අඩංගුවට ගනු ඇති බව වෙබ් ජාලාවල පළ වී තිබිණ.

Share on Google Plus