කිරුළුපන-ගාල්ල දෙපිරිස එක්වේ.


මැයි දිනයට ගාල්ලේත් කිරැළුපනත් රැළි දෙකක් පැවැත්වුවත් හය මාසයක් යන්න පෙර ඒ දෙපිරිස එක් වී ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන බව ඌව මහ ඇමති චාමර සම්පත් මහතා පවසයි.

තමන් සහභාගී වන්නේ ගාල්ලේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මැයි රැලියට බවද කි මහ ඇමතිවරයා තමන් සමග බදුල්ලෙන් 4000ක පමණ පිරිසක් ඊට එක්වන බවද කියා සිටියේය.

පක්ෂය කඩාගෙන යන අයට එහි ආනිසංස ලැබෙනු ඇතැයිද කී ඔහු තවත් හයමාසයක් ගතවන්නට කලින් කිරුළපන කණ්ඩායමත් ගාල්ල කණ්ඩායමත් එක් වී ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන බව කියා සිටියේ බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share on Google Plus