පෝට්‌ සිටි යළි අරඹයි.


පෝට්‌ සිටි ව්‍යාපෘතිය යළි ආරම්භ කරන ලෙස අදාළ ඉදිකිරීම් සිදු කළ චීන සමාගමට රජය දැනුම් දුන් බව රාජ්‍ය  ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

ඒ අනුව ඉදිරියේදී එම සමාගම ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කරනු ඇති බවද ඊයේ (7 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසීය.

පෝට්‌ සිටි ව්‍යාපෘතිය යම් යම් වෙනස්‌aකම් කිහිපයක්‌ හැරුණු විට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බවද එම ව්‍යාපෘතියට ඇතුළත්ව තිබූ ලැම්බෝගිනි මාර්ග ධාවන තීරුව ඉවත් කළ බවද හෙතෙම කීය.

පරිසර වාර්තාවක්‌ නොමැතිව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබූ නිසා ඉකුත් 2015 ජනවාරි 8 වැනිදා පත්වූ නව ආණ්‌ඩුවට පෝර්ට්‌ සිටි ඉදිකිරීම් අත්හිටුවීමට සිදුවූ බවද දැන් පරිසර වාර්තාව ලැබී ඇති නිසා යළි ව්‍යාපෘතිය ආරම්භ කළ හැකි බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

ව්‍යාපෘතිය අත්හිටුවීම හේaතුවෙන් ඉදිකිරීම් සමාගමට වූ පාඩුව සඳහා ඩොලර් මිලියන 125 ක වන්දියක්‌ ඉල්ලා ඇති බවත් ඒ පිළිබඳව අගමැතිවරයා චීන සංචාරයේදී සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹෙන බවත් ඒ මහතා කියා සිටියේය.

Share on Google Plus