විශේෂිත කුරුඳු පුහුණු විද්‍යායතනය ඇරඹෙයි.


කුරුඳු කර්මාන්තයේ නියුතු වුවන්ගේ කුුසලතා සංවර්ධනය ම`ගින් කුරුඳු කර්මාන්තය  දියුණු කිරීමේ අරමුණින් මෙන්ම  ගෝලීය වෙළෙඳපොලෙහි ශ‍්‍රි ලාංකේය කුරුඳු සඳහා ඉහළ තර`ගකාරීත්වයක් ඇති කිරීම අරමුනු කර ගනිමින් ඉදි කරනු ලැබූ කුරුඳු පුහුණු විද්‍යායතනය 2016 අපේ‍්‍රල් 5 වන දින උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය සම`ග ලෝක වෙළෙඳ සංවිධානය , ප‍්‍රමිති හා වෙළෙඳාම සඳහා වූ සංවර්ධන කේන්ද්‍රය යන ආයතනයන් ශ‍්‍රී ලංකාවේ කුළු බඩු සභාව සම`ග එක්ව රාජ්‍ය - පෞද්ගලික සහයෝගීතාව මත  මෙම කුරුඳු පුහුණු විද්‍යායතනය ඉදිකරනු ලැබීය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා නියෝජනය කරමින් විශේෂ ව්‍යාපෘති පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප‍්‍රධාන ආරධිත අමුත්තා ලෙස එක් වූ අතර, ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ , කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩි බදියුදීන් යන මැතිතුමන්ලා නියෝජනය කරමින්  එම අමාත්‍යාංශයන්හි ලේකම්වරුන් සහ දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මැතිතුමා ද ඊට එක්ව සිටියහ. රාජ්‍ය හා පෞද්ගලික අංශ සහයෝගීතාව යටතේ මේ ආකාරයෙන් ආරම්භ කරන ලද කුරුඳු පුහුණු විද්‍යායතනය  තුළින් සුළු බෝග සංවර්ධන අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය,අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතනයන් ද සම`ග කුරුඳු කර්මාන්තය හා සම්බන්ධ සියලූ පාර්ශ්වකරුවන්ට විධිමත් නිපුණතා පුහුණුවක් සළසා ගත හැකිය.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය නියෝජනය කරමින් ඉන්දීය හා දකුණු ආසියානු කලාපීය අධ්‍යක්‍ෂ අයුමි ෆුජිනෝ, ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත, දකුණු පළාත් සභා මන්ත‍්‍රී එක්සත් ජාතික පක්‍ෂ බලපිටිය සංවිධායක අශෝක ධනවංශ සහ දකුණු පළාත් සභා මන්ත‍්‍රී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ගාලූ දිස්ත‍්‍රික් සංවිධායක චන්න සාලිය මෙන්ඩිස් යන මහත්ම මහත්මින්ද ඒ ඒ ආයතනය නියෝජනය කරමින් එක්ව සිටියහ. එහිදී අදහස් දැක්වූ අයුමි ෆුජිනෝ මහත්මිය ‘‘ කර්මාන්ත සංවර්ධනය හා  පූර්ණ තිරසාර සංවර්ධන උදෙසා එක්සත් ජාතීන්ගේ විශේෂ ආයතනයක් ලෙස ශ‍්‍රී ලංකා කුරුඳු කර්මාන්තයේ සුවිශේෂී කඩඉමක් වන කුරුඳු පුහුණු විද්‍යායතනය විවෘත කිරීම සඳහා එක්විමට ලැබීම පිළිබඳ ඉතාමත් ආඩම්බරයට පත් වෙනවා. ශ‍්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තයේ අනාගතයට යහපත් වේදිකාවක් සකස් කිරීම වෙනුවෙන් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, ආහාර සුරක්‍ෂිතතාව හා ඉහළ ප‍්‍රමිතීන් සඳහා අවශ්‍ය සාධකයන් වැඩි දියුණු කිරීම, ලෝක වෙළෙඳෙ පොලෙහි ශ‍්‍රී ලංකාවේ කුරුඳුවල තර`ගකාරීත්වය ඉහළ නැංවීම යන කරුණු කෙරෙහි අපගේ අවධානය යොමුව ඇති බව සතුටින් ප‍්‍රකාශ කරන්න කැමතියි.’’ යනුවෙන් පැවසීය.

කුරුඳු පුහුණු විද්‍යායතනය ක්‍ෂේත‍්‍රයේ වර්ධනයට ඇති යම් යම් බාධාවන් සඳහා පිළිතුරක් ලෙසද පෙන්වා දිය හැකිය. ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ මෙරට කුරුඳු සම`ග දිනෙන් දින ඉහළ යන තර`ගකාරීත්වය, ශ‍්‍රමික හි`ගය සහ තත්වය සම්බන්ධ ගැටළු පසුගිය දශක දෙක තුළ ජාත්‍යන්තර වෙළෙඳපොල කොටසෙහි ශ‍්‍රී ලාංකේය  කුරුඳු කර්මාන්තය ලද අභියෝගයන්ය. ඉහත අභියෝගයන් ජයගනිමින් උසස් තත්වයේ කුරුඳු ජාත්‍යන්තර වෙළෙඳපොළට ලබා දීම වෙනුවෙන් කුරුඳු කර්මාන්තයේ යෙදෙන ශ‍්‍රමිකයන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමේ ක‍්‍රමවත් වැඩපිළිවෙලක් කුරුඳු පුහුණු විද්‍යායතනය විසින් ආරම්භ කොට ඇත. ඒ තූළින් ජාතියේ කෘෂිකාර්මික හා ආර්ථික ප‍්‍රගමනයට උර දෙන කර්මාන්තයක යෙදීමේ අභිමානය ශ‍්‍රමිකයන් තුළ ජනිත කිරීම මෙන්ම නව රැුකියා අවස්ථා උත්පාදනය, ක‍්‍රමවත් පුහුණුවක් හරහා ජාතික වශයෙන් පිළිගත් සහතික පතක් ලබා දීම සහ සේවා කොන්දේසි ඉහළ නැංවීම වැනි කර්මාන්තයේ නියුතුවන්නන් තව දුරටත් දිරිමත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම පුහුණු විද්‍යායතනය විවෘත කිරීම පිළිබඳ අදහස් දැක්වූ කුරුඳු පුහුණු විද්‍යායතනයේ සභාපති සාරද ද සිල්වා මහතා, ‘‘ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද කුරුඳු කර්මාන්තයේ නියුතු වූවන් සඳහා වන සුදුසුකම් 4ක් සමග ආරම්භ වන කුරුඳු පුහුණු විද්‍යායතනය ඉතිහාසයට එක්වන්නේ ඒ ආකාරයේ කෘෂි භෝගයක් පදනම් කරගත් ප‍්‍රථම විද්‍යායතනය ලෙසයි. කුරුඳු කර්මාන්තයට හැරුණු විට තේ, රබර්, පොල් හෝ වී සඳහා ඒ ආකාරයේ සංවිධානය වූ විද්‍යායතනයක් දක්නට නැහැ.’’ යනුවෙන් පවසන ලදී.

කුරුඳු පුහුණු විද්‍යායතනය තුළින් මේ වන විට කුරුඳු කර්මාන්තශාලා යටතේ සහ ක්‍ෂේත‍්‍ර මෙහෙයුම්හි නිරත වන  කර්මාන්ත ශාලා නිළධාරීන් හා පරීක්‍ෂකයින් වෙනුවෙන් වෘත්තීය සුරක්‍ෂිතතාව, අස්වනු නෙලීම, සැකසුම් කිරීම, යනාදී අංශ පදනම් කරගත් පුහුණු වැඩසටහන් වෙනුවෙන් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබා දීමට සැළසුම් කොට ඇත. දේශීය මෙන්ම ජාත්‍යන්තර පාරිභෝගිකයන් සඳහා ඉහළ තත්වයෙන් යුත් කුරුඳු නිෂ්පාදනයක් ලබා දීම වෙනුවෙන් වූ කුරුඳු කර්මාන්තශාලාවන්හි වගකීම් හඳුනාගැනීම හා විවිධ කාර්යයන් සඳහා වන කුසලතාවන් ගොඩනැංවීම මෙම පුහුණු පාඨමාලාවේ අන්තර්ගතයට ඇතුළත්ය.

ජාතික වෘත්තීය සුදුසුකම , සහිත කුළු බඩු ක්‍ෂේත‍්‍රයේ පාර්ශ්වකරුවන් අරමුණු කොටගත් පුරෝගාමී හා සුවිශේෂී ප‍්‍රයත්නයක්ද මෙම පුහුණු වැඩසටහනට ඇතුළත් අතර ඒ හරහා කුරුඳු වගා කිරීමේ හා සකස් කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා විශේ්ෂයෙන් අරමුණු කොට ඇත. සාර්ථකව පුහුණුව අවසන් කරන අයට මෙම භඪූ සහතිකය හරහා සැණෙකින් කුරුඳු ක්‍ෂේත‍්‍රයේ රැකියාවක් ලබා ගැනීමේ මහ`ගු අවස්ථාවක් උදාකර ගත හැකි අතරම අනාගතයේ සෞභාග්‍යමත් ශ‍්‍රී ලංකාවක් බිහි කිරීම වෙනුවෙන් සුවිසල් දායකතවයක් ලබාදීමේ අභිමානයද අත් කර ගත හැකිය.






Share on Google Plus