කොළඹ හොකී මුරාඩ්ට.


කොළඹ හොකී සංගමයේ 61වන නිලවරණය පසුගිය දා කොළඹ කොල්ට්ස්හිදී පැවැත්විය.

එහි දී කොළඹ හොකී සංගමයේ සභාපතිවරයා ලෙස මුරාට් අමර්දීන් (Murad Amardeen) මහතා තේරී පත්විය.

ඔහු 2000 වසරේදී Bacon කුසලානය වෙත කොළඹ කෝල්ට් ක්‍රීඩා සමාජය මෙහෙයවූ විශිෂ්ඨයෙකි.

එසේම උප සභාපතිවරුන් ලෙස ඩන්කන්, තිලක්, මාරියෝ, සතිස් සහ නදීත් (Duncun Devendra,Thilak Fernando, Mario Joseph, Sathis Dharmasekara, Naditha Kudagama) තේරී පත්විය.

මෙහිදී ලේකම්වරයා ලෙස භාග්‍ය (Bagya Udawatte) තේරීපත්වන විට උප සභාපතිධුරයට පත්වුයේ සුරේන් (Suren Wijerathne) මහතායි. 

එසේම භාණ්ඩාගාරික ධුරයට මලික් ( Malik Zahir) තේරී පත්වන විට උප භාණ්ඩාගාරිකවරයා වුයේ තෙන්නකෝන්( N. Thennakoon) මහතාය.

එසේම ජාත්‍යන්තර විනිසුරුවරයෙක් වන නවුෂාඩ් (M.J.M.Nawshad) විනිසුරුවරුන්ගේ කමිටුවේ සභාපති ධුරයට ද, තරඟාවලි කමිටුවේ සභාපති ධුරයට අශෝක් (Ashok Pieris) මහතා ද, තේරීම් කමිටුවේ සභාපති ධුරයට ඩන්කන් (Duncun Devendra) මහතා ද, සංවර්ධන කමිටුවේ සභාපති ධුරයට මාරියෝ (Mario Joseph) මහතා ද තේරී පත්විය.



Share on Google Plus