පැනමා පේපර්ස් ගැන නිගමනය කරන්න මහබැංකු අධිපතිට හදිසියක් නෑලු!


ආන්දෝලනයට තුඩුදෙන ලද පැනමා පේපර්ස් හෙළිදරව්වේ තොරතුරුවල නිවරදිභාවය තහවුරු කරගත යුතු බව මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පවසයි.

 සිද්ධියට අදාළව පළමුවෙන්ම කළ යුත්තේ එය බව මහබැංකු අධිපතිවරයා කියා සිටියේ මේ පිළිබඳ අද (12)ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදීය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙසේද සඳහන් කළේය. 

“මේ ගැන අපි පරීක්ෂණයක් කරනවා. එතන ලේඛන මිලියන ගණනක් තිබෙනවා. පළමුව මේ ලේඛන පිළිබඳ සත්‍ය අසත්‍යභාවය තහවුරු කර ගත යුතුයි. ඒවා අනාවරණය කරලා තිබෙන්නේ අදාළ සමාගම නොවෙයි. තෙවන පාර්ශවයක් විසින් අනාවරණය කළ මෙම තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පළමුව එහි නිවැරදිභාවය තහවුරු කර ගැනීමට අපි කටයුතු කරනවා. 

මේ ගැන නිගමනයක් දෙන්න මම හදිස්සි වෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර සම්මුතිවලට අනුකූල වන පරිදි අපි කටයුතු කරනවා“, යැයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. 

Share on Google Plus