අපිත්, මේ වගේ වැඩක් කලොත් නරකද? (Photos)


ඊයේ ලෝක මිහිතල දිනය තිබුණා. ඒ වෙනුවෙන් facebook එකේ විවිධ පොස්ට් තිබුණා. ඒ අතර සැරිසරද්දී අපට සමාධි වන්දනා පදනමේ සභාපතිවරයා වන බුද්ධික ප්‍රසන්න මහතා විසින් පලකරලා තිබුණු පොස්ටුවක් හමුවුණා.

ඉතින් අපි ඒ පොස්ටුව පලකරන්න තීරණය කළා. ඒ ලංකාවේ හැමෝම මේ කරනවා දැනගන්න ඕනේ නිසා.

පහතින් දැක්වෙන්නේ එම පොස්ටුව.... මේක තවත් අයත් එක්කත් බෙදා ගන්න Share කරන්න...

"නිවාඩු වෙලාවක පරිසරයේ සුන්දරත්වය විදින්න හිතාගෙන පවුලේ උදවියත් එක්ක විනෝද චාරිකාවක් ගියා ලංකාවෙ සුන්දරම ස්ථානයකට නමින් මේ ස්ථානයට කියන්නේ "රිවර්ස්ටන් " කියලා.මුහුදු මට්ටමේ ඉදන් 1265m උසකින් තමා පිහිටලා තියෙන්නේ.ප්‍රධාන වශයෙන් මේ මුළු කලාපෙම අයිතිවෙන්නේ "නකල්ස් රක්ෂිතයට "මෙතන ප්‍රධාන කොටස් 3ක් තියනවා.

  • රිවර්ස්ටන් දුර්ගය 
  • කදුවැටිය 
  • පිටවල පතන 

රිවර්ස්ටන් යනවනම් බලන්න දිය ඇලි ගොඩක් තියනවා සේර ඇල්ල, වද්දාපැනි ඇල්ල , දුවිලි ඇල්ල . බබර කිරි ඇල්ල ඇතුළු දිය ඇලි ගොඩක් බලන්න පුළුවන්

නමුත් රිවර්ස්ටන් ගිය අපිට නම් පරිසරයේ සුන්දරත්වය විදින්න ගිය මොහොතකදි එකතු වුනෙ හදවතට දුකක් පමනයි ඒ අපි වගේම මෙ පරිසරයේ සුන්දරත්වය විදින්න ආ අපේම මිනිසුන් විසින් තැන තැන දමා ගොස් තිබුනු පොලිතින් ප්ලාස්ටික් ප්‍රමානය දැකීමෙන්.

ලංකාව පුරාවටම දිවෙන ගංගා බොහොමයකට පෝශනය සපයන ප්‍රදේශයකට පොලිතින් ප්ලාස්ටික් එකතු වීම අතිශයින් බයානක තත්වයක්. එයට හේතුව වෙන්නෙ එක් දිය උල්පතකට හෝ පොලිතින් ප්ලාස්ටික් මගින් අවහිරයක් සිදුවුවහොත් එය රිවර්ස්ටන් ප්‍රදේශයට නොවෙයි මුලු ලංකාවටම හැමදාටම බලපාන කාරනයක්.

විනාශය ගැන කුඩා හෝ අවබෝධයක් තිබෙනා නිසා අපිට හැකි අයුරින් අපි ස්වේචාවෙන් රටේම අනාගතය වෙනුවෙන් පොලිතින් ප්ලාස්ටික් පරිසරයෙන් ඉවත් කිරීමට කටයුතු කලා නමුත් විසදුම එය නොවෙයි. අද සිට වත් අදිටන් කරගන්න පරිසරයට අපද්‍රව්‍ය එක් නොකරන්න. 

විශේශයෙන්ම පොලිතින් ප්ලාස්ටික් වැනි දෑ පරිසරයට කිසිසේත් එකතු කරන්නට එපා. රිවර්ස්ටන් සමනල කන්ද වැනි දැඩි සංවේදී පරිසර පද්දතියක් වෙතට ගමන් කිරීමේදී පොලිතින් ප්ලාස්ටික් වැනි නොදිරන දෑ රැගෙන යන්න වත් එපා.

අපි අපෙ අනාගත පරම්පරාවටත් මේ සුන්දර රට විදින්නට ඉතුරු කරමු. අපගේ පරිසර හානියේ ආදීනවයන්ගෙන් විදවන අනාගත පරම්පරාවේ ශාපයෙන් ගැලවීම වෙනුවෙන් පරිසරය සමගින් බොහොම ප්‍රවේසමෙන් ගනුදෙනු කරමු.

පරිසරයට මුසුව ඇති පොලිතින් දුටු තැන මිහිමවගෙන් ඉවත් කරමු.

-මම H. Buddika Prasanna





Share on Google Plus