අගමැති රනිල් ලෙස්ටර්ගේ Birth Day කේක් එක ගැන කවුරුත් නොදන්න කතාවක් කියලා - Video


අපේ රටේ ඉන්න විශිෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පසුගියදා තමන්ගේ 97 උපන් දිනය සැමරුවා.

ඒ උත්සවයට කලාකරුවන් කලාකාරිනියන් විතරක් නෙමෙයි, අගමැතිතුමත් ආවා.

මුලින්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂකවරයාට සුබපැතූ අගමැතිවරයා මේ උපන් දින උත්සවයට සහභාගි වුනේ බොහෝම සතුටින්.

මේ විශිෂ්ඨ සිනමාවේදියාගේ උපන් දිනය වෙනුවෙන් හරි ලස්සන කේක් ගෙඩියක් නිර්මාණය වෙලාා තිබුණා.

ඒ කේක් එක වටේටම අලවලා තිබුනේ ලෙස්ටර්ගේ චිත්‍රපටවල පින්තූර.

කේක් එක ආපු වෙලේ ඉදන් ඒ දිහා බොහෝම උනන්දුවෙන් බලාගෙන හිටපු අගමැතිවරයා ඉන් අනතුරුව තමන්ගේ ඇස් කණ්නාඩි දෙකත් දාගෙන ඒ දිහා බලාගෙන හිටියා.

Happy Birthaday සුබ පැතුම් ගීතය ඉවර වුනු ගමන් නැගිට්ට අගමැතිවරයා කිව්වේ මේ කේක් එකේ සංදේශය චිත්‍රපටයේ පින්තූරයක් නැහැ කියලයි.

අගමැතිතුමා රේඛාව බලන්න වුනු ඇත්ත හේතුව වගේම කවුරුත් නොදන්න කතාගොඩක් කිව්වා.



Share on Google Plus