බැසිල්ට යලි කඩුව ලැබීම - මැ‍යි සූදානම සහ ඒකාබද්ධයේ අනාගතය?

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියේ සංවිධාන කටයුතු හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට පැවරී ඇත. කිරුළපන දී පැවැත්වීමට නියමිත මෙම මැයි රැලියේ සංවිධාන කටයුතු සිදුකිරීම සඳහා රටපුරා සිටින පළාත් පාලන හා පළාත්සභා මන්ත්‍රීවරුන් දිස්ත්‍රික් මට්ටමින් කැඳවා සාකච්ඡා කිරීමට බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයකු පැවැසීය. 
මැ‍යි 1 වෙනිදා සෑම දේශපාලන පක්ෂයකටම අතිශය තීරනාත්මකය.ඒ ලෝක කම්කරු දිනය වෙනුවෙන් තම තමන්ගේ දේශපාලන පක්ෂය විසින් පවත්වනු ලබන මැයි දින පෙළපාලි සහ රැළි සදහා වැඩි ජන සහභාගීත්වයක් පෙන්වීම ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලින් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීම මෙන්ම ජාතික දේශපාලනය තුළ තම දේශපාලන පක්ෂයේ අභිමානය,බලය පෙන්වීමට හොදම රුකුල් අවස්ථාවක් වන නිසාය.

මෙවරත් රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වන 'එක්සත් ජාතික පක්ෂය,ශ්‍රී ලන්කා නිදහස් පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ' තම පක්ෂ වල මැයි දින රැළි පැවැත්වෙන ස්ථාන ප්‍රකාශයට පත් කොට අවසන්ය.මෙවර විශේෂතම සිදු වීම වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලන්කා නිදහස් පක්ෂයේ සිට ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන මන්ත්‍රීවරුන් පිරිසක් සමග මහජන එක්සත් පෙරමුණ,ලන්කා සමසමාජ පක්ෂයේ තිස්ස විතාරණ පිළ,ශ්‍රී ලන්කාවේ කොමියුනිස්ට් පක්ෂය,ප්‍රජාතන්ත්‍රවාදී වාමාන්ශික පක්ෂය,ජාතික නිදහස් පෙරමුණ,පිවිතුරු හෙළ උරුමය[ජාතික හෙළ උරුමයේ ගම්මන්පිල පාර්ශ්වය]ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය කිරුළපන මහජන ක්‍රීඩාන්ගනයේදී පැවැත්වීමට නියමිතය.මෙහි සන්විධාන වැඩ කටයුතු හිටපු ආර්ථික සන්වර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පැවරීමට කටයුතු යෙදීමත් සමග ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන යම් දේශපාලන කණ්ඩායම් අතර කසුකුසුවක් නිර්මාණයව තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇත.

බැසිල් රාජපක්ෂ මහතා 1994 පැවති ජනාධිපතිවරණයේදී එවකට පොදු ජන එක්සත් පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනයක කුමාරණතුන්ග මහත්මියගේ මැතිවරණ මෙහෙයුම් යාන්ත්‍රණය තුළ විශිෂ්ට කාර්යයක් ඉටු කරමින්ද,2005/2010 ජනාධිපතිවරණයන්හිදී තම වැඩිමහල් සොයුරෙකු වූ මහින්ද රාජපක්ෂ මහතාව ජයග්‍රහණය කරවීම වෙනුවෙන්ද සුවිසල් කාර්යයක් ඉටු කරද; 2010 සිට ආර්ථික සන්වර්ධන කටයුතු විෂය භාර අමාත්‍ය වරයා ලෙස කටයුතු කළ කාලසීමාව තුළ තම සහෝදරයා වූ හිටපු ජනාධිපතිවරයාගේ බලතල අයුතු ලෙස භාවිතා කරන ලද බවට ප්‍රබල චෝදනාවක් එම කාලවකවානුව තුළ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූර දරන ලද පාඨලී චම්පික රනවක,රාජිත සේනාරත්න,මර්වින් සිල්වා,එස්.බී.දිසානායක වැනි බොහෝ  පිරිසක් චෝදනා නගන ලදි.2015 ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වීමට එම කාලසීමාව තුළදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත මූලිකවම බලපාන ලද බවට මර්වින් සිල්වා මහතා ප්‍රබල ලෙස චෝදනා නැගුවේය.

රටේ අග රජු ලෙස සියලුම අමාත්‍යාන්ශයන්ට අනිසි ලෙස ඇගිලි ගසමින්,දක්ශ තරුණ අමාත්‍යවරුන්ට තම හැකියාවට අනූව කිසිදු සන්වර්ධන ක්‍රියාදාමයකට දායක වීමට බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධූර දරණ කාල සීමාව තිළ ඉඩක් නොදුන් බවටද පාඨලී චම්පික රනවක අමාත්‍යවරයා 2015 ජනාධිපතිවරණ වේදිකාවේදී චෝදනා නගන ලදි. ජනතාව එය යම් අයුරකින් පිළිගත් බවක් 2015 ජනාධිපතිවරණ කොළඹ,ගම්පහ දිස්ත්‍රික්කයන්හී ඡන්ද ප්‍රථිපල විමසීමේදී හෙළි වන බව විචාරක මතය බවට පත් විය.

2015 ජනාධිපතිවරණ ප්‍රථිපල වලින් අනතුරුව ඇමරිකාවට හිටි හැටියේම ගොඩ බට බැසිල් රාජපක්ෂ මහතා නැවත මෙරටට පැමිණියේ අධිකරණ වරෙන්තුවක් මතය. ඒ තම ආර්ථික සන්වර්ධන අමාත්‍යාන්ශය යටතේ පැවති 'දිවි නැගුම සන්වර්ධන දෙපාර්තමේන්තුවේ' දින පොත් සහ ලිත් මුද්‍රණයේදී සිදු වූවායැයි කියන චෝදනාවක් ප්‍රකාරවය.

කෙසේ වෙතත් දේශපාලනය යනු සදාකල් වැජඹීමේ තෝතැන්නක් නොවේ. යම් පසු බෑම්වලට දේශපාලන නායකයින්ට ලක් වීමට සිදු වන්නේ තම පාලන කාලයන් තුළ සිදු වූ අඩුපාඩු දුර්වලකම් නිසාම මිස විදේශ කුමන්ත්‍රණ නිසාම නොවේ. තමන් අතින් වූ වැරදි අඩු පාඩු පිළි නොගෙන තව දුරටත් ඒවාම සිදු කරන්නට සැරසෙන නායකයින්ට ජනතාවගේ හදවත් තුළ තවදුරටත් ඉඩක් තිබේද යන්නට ඉතිහාසයේ සාක්ෂ්‍ය අපමණ තිබේ.ඒකාබද්ධ විපක්ෂයේ කම්කරු දින සැමරුම දෙස බුද්ධි ගෝචරව විමසමු.


- ඉෂාර ලක්මිණ | Ishara Lakmina
© Lanka DNA

Share on Google Plus