රනිල්ගේ ලේකම්ගේ දැන් ඇඳිල්ල. (Photos)


පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්‌ටි මහතා තම ඇඳුම් විලාසිතාව වෙනස් කරමින් අලුතින් ඇඳගෙන ඇත්තේ ජපන් සමුරායි ඇඳුමකි.

සමුරායිවරුන්ගේ ආරම්භය ලෙස සැලකෙන්නේ 12 වන සියවසයි.

කෙසේවෙතත් 1800 අගභාගය වන විට සමුරායිවරුන්ගේ පැවැත්ම අවසානයට ලංව තිබෙන බවත් කිවයුතුයි.

සමුරායිවරුන් ජපාන යුද හමුදාවේ කැපී පෙනෙනම කණ්ඩායමක් වූවාසේම ඔවුන්ට තිබූ ගරුත්වය හා පිළිගැනීම නිසා ඇතැම්විට අතිශෝක්තියෙන් පවා දැවැන්ත ප්‍රතිරූපයක් ආරෝපණය කර තිබූ බවකුත් පෙනෙන්නට තිබේ.

ජපාන සමාජයේ යුද පැලැන්තියට අයත් කොට්ඨාශය ලෙස ඔවුන්ට අයත්ව තිබූ කීර්තිය අදටත් නොනැසී පවතින්නකි.

විශේෂයෙන් අභිමානය කියන දේ පෙරටුකරගත් කොටසක් ලෙස සැලකුනු මොවුන්, තමන්ට පැවරූ යම් කාර්යයක් (යුධමය සම්බන්ධයෙන් වැනි) අසමත්වූයේ නම් තමන්විසින්ම කිනිස්සකින් ඇන ගැනීමෙන් දිවි තොරකර ගැනීමේ හරාකිරි නම් සියදිවි නසා ගැනීමත් සමුරායිවරු හා බැදී පවතින්නකි.


අද්විතීය ජපාන සිනමාකරු අකිරා කුරසෝවාගේ සෙවන් සමුරායි චිත්‍රපටිය සහ මෑතක තිරගත වූ The Last Samurai වගේම අද පරපුරේ ගොඩක් දෙනෙක් නරඹා නැති 1971 දී තිරගත වූ Red Sun චිත්‍රපටිය මගිනුත් සමුරායිවරුන්ට ආවේණික ගත සිරිත් රැසක් දැක ගැනීමේ අවස්ථාව ලැබේ.

(සමන් මහතා සමුරායි ඇඳුමකින් සැරසී සිටින අයුරු පහත ඡායාරූපවල දැක්වේ.)





Share on Google Plus