අගමැතිතුමනි, මර්ධනය කොයිබටද?


නිදහස් අධ්‍යාපනය තුළ විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු ස්වාධින කිරිමට අදාළව නව නීතී ගෙන ඒමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

විශ්වවිද්‍යාල තුල සිදු ‍කෙරෙන නවක වදය, ලිංගිකත්වය සහ ලිංගභේදය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය පිටු දැකීම සඳහා වන උපදේශාත්මක සංවාද සම්මන්ත්‍රණයේ ආරම්භක උත්සවයට සහභාගි වෙමින් අගමැති වික්‍රමසිංහ මහතා මේ බව පැවසිය.

කන්නන්ගර භූමිකාව තුළින් ලාන්කේය ජන සමාජය වෙත නිදහස් අධ්‍යාපනය උරුම විය.පාසලේ පළමු වසරේ සිටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසානය දක්වාම නොමිලයේ අධ්යාපනය ලබා ගැනීමේ වාසනාව ශ්‍රීලාන්කේය දරු පරම්පරාවට උරුම විය.1960 කාල වකවානුව තුළදී මෙරට සියලු රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය පුරාවට පැවතියේ චීන/රුසියානු ආභාෂය ලද කොමියුනිස්ට්වාදී ශිෂ්‍ය මතවාදයක් සහ ක්‍රියාකාරකම්ය.

එතුළින් මානව සමාජ සන්හතික කුලකයට සුබදායී විද්‍යාර්තීන් සමාජයට දායක විය.1970 මහා මැතිවරණයට ශ්‍රී ලන්කා නිදහස් නිදහස් පක්ෂයත් සමග සන්ධාන ගත වීමට ලන්කා සමසමාජ පක්ෂයත්,ශ්‍රී ලන්කාවේ කොමියුනිස්ට් පක්ෂයත් තීරණය කිරීමත් සමග ලාන්කේය ශිෂ්‍ය ව්‍යාපාරය විකල්ප දේශපාලනයක නවමු මන්පෙත් සොයායන්නට විය.එහි ප්‍රතිපලයක් ලෙස 1965 රෝහන විජේවීරයන්ගේ නායකත්වයෙන් බිහි වූ 'ජනතා විමුක්ති පෙරමුණ' කොන්දේසි විරහිතව පිළි ගැනීමට ලාන්කේය ශිෂ්‍ය ව්‍යාපාරය කටයුතු කලේය.

1971 අප්‍රේල් 5 වැනිදා දෙනියාය ආශ්‍රිත ප්‍රදේශ මුල් කොටගෙන හට ගත් ලාන්කේය ඉතිහාසයේ මුල්ම බිහිසුණු තරුණ අරගලයට ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කරගත් ලාන්කේය ශිෂ්‍ය ව්‍යාපාරයද සහාය ලබා දීම හේතුවෙන් එවකට පැවති සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය තුමියගේ ආණ්ඩුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මූලික කරගෙන යම් ශිෂ්‍ය මර්දනයක් දියත් කර බව තතු දන්නෝ දනිති.එමගින් ප්‍රථම වතාවට මෙරට රාජ්ය විශ්ව විද්‍යාල පද්ධතියේ ශිෂ්‍ය නායකයින් තමන්ගේත් තම ශිෂ්‍ය සන්ගම් වලත් අනාගත ආරක්ෂාව උදෙසා 'නවක ශිෂ්‍ය පුහුණුවක්' දියත් කරන්නට ආරම්භ කලේය.1978 කාළ වකවානුවෙන් අනතුරුව විවෘත ආර්ථික ක්‍රමයත් සමග මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුලට ප්‍රවේශය ලබන ශිෂ්‍යයින්ද වාණිජමය අරමුණු වෙත වේගයෙන් හඹායන්නන් පිරිසක් බවට පත්විය.ඒත් සමග උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය පීඨයක් පිහිටු වීමට ජූනියස් රිචඩ් ජයවර්ධන මහතාගේ ආණ්ඩුව කටයුතු යෙදීමත් සමග නැවතත් ශිෂ්‍ය අරගලක අක්මුල් මෙරට ජන සමාජය තුළ මුල් බැස ගන්නට විය.1987 දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය ලෙසින් ජනතා විමුක්ති පෙරමුණ නැවත සන්විධානය වන්නට වූයේ ඉන්දු ලන්කා ගිවිසුමෙන් රටට සිදු වන්නට යන අයහපත පිළිබදව කතිකාවක් ජනතාව අතර නිර්මාණය කරමිනි.

1987-1990 වකවානුව තුලදී රණසින්හ ප්‍රේමදාස පාලන කාලය තුළ දැවැන්ත ශිෂ්ය මර්දනයක්ද සිදු වූ බව නොරහසකි.වසර ගණනාවක් රජයේ විශ්ව විද්‍යාල වසා දමා තිබුනි.1993 වකවානුව ඇරඹුනේ ශිෂ්‍ය ව්‍යාපරයට යම් සුබයායී කාලපරිච්ඡේදයක් උදා කරමිනි.එහෙත් ඒ වන විටත් ශිෂ්‍ය ව්‍යාපාර්‍යට දැවැන්ත නායකයින් පිරිසක් අහිමි වී තිබුනි.මෙම කාලය තුලදී විශ්ව විද්‍යාල පද්ධතිය තුලට එක්සත් ජාතික පක්ෂයේ,පොදු ජන එක්සත් පෙරමුනේ සුවච කීකරු ශිෂ්‍ය ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පැවතියේය.

ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සන්ගමය මෙන්ම අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්ය බල මණ්ඩලයත් තම ගොඩ වැඩි කරගැනීම වෙනුවෙන් ක්‍රියාත්මකවන්නට වූයෙන් නිතරම එක්සත් ජාතික පක්ෂයට හිතැති ශිෂ්‍ය සන්ගම් සමග ගැටුම් වර්ධනය විය.1997 වසරේදී නීතියට ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වෙමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුන්ග ආණ්ඩුව විසින් නවක වදය වැලැක්වීමේ පනත් කෙටුම්පත් තුළින් ශිෂ්‍ය මර්දනයක් දියත් කරේය.

2004 ශ්‍රී ලන්කා නිදහස් පක්ශය-ජනතා විමුක්ති පෙරමුන සමග එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කටයුතු කරන ලද වසරකට ආසනන කාලය තුළදීත් ශිෂ්ය ව්‍යාපාරය හීලෑ ප්‍රතිපත්තියක කටයුතු කරන ලද බව නොරහසකි.2005 වසරින් පසුව පත් වූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළින් 2010 වසරේදී උසස් අධ්‍යාපන විෂය භාර ඇමතිවරයා වූ එස්.බී.දිසානායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ වකවානුව තුළ සිටි ශිෂ්‍ය නායකයෙකි. නමුත් දැඩි මර්දනකාරී පිළිවෙතක් ඔහු විසින් විශ්ව විද්‍යාල පුරාවට පතුරවා හරින ලදි.ශිෂ්‍ය සභා බලතල 'මාෂල් නමින් ධුරයක්' නීති විරෝධීව ඇති කොට පවරා ශිෂ්‍ය නායකයින්ගේ චරිත ඝාතනය කලේය. සමහර අවස්ථා වලදී අත් පා පවාද අහිමි කරන ලද බවට එකල පුවත් පළ විය.

අගමැති රනිල් වික්‍රමසින්හ මහතාගේ මෙම ප්‍රකාශයත් සමග යලිත් වරක් ශිෂ්‍ය සන්ගම් විමසා සිටින්නේ 'සහාකාර උප කුලපති ධුරය' මාෂල් ධුරයේම ඉදිරි පියවරක්ද? යනුවෙනි. 2015 ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපතිවරයා පරාජයට පත් වීමට ඔහුගේ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමති ධුරය දැරූ එස්.බී.දිසානයක මහතා ගෙන ගිය දැඩි ශිෂ්‍ය මර්දන පිළිවෙත හේතු වූ බව බොහෝ විචාරකයින්ගේ මතය විය.

රජයේ විශ්ව විද්‍යාලයන්හි විද්‍යාර්ථීන් සුරකීම මතු මැතිවරණ ජය ගැනීමට ප්‍රබල භූමිකාවක් වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවබෝධ කරගෙන ඇතැයි අපි සිතමු!

- ඉෂාර ලක්මිණ | Ishara Lakmina
© Lanka DNA

Share on Google Plus