පෞද්ගලික අංශයට 2,500 නොදුන්නොත් නඩු.


පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වැඩිකළ රුපියල් 2,500ක වැටුප මැයි මාසයේ වැටුපට ලබා නොදෙන හාම්පුතුන්ට විරුද්ධව නඩු පැවැරීමට යයි.

මෙම වැටුප් වැඩිවීම සේවකයනට නිසි පරිදි ලබා දෙනවාද? නැද්ද? යන්න පිළිබඳව සියලුම පෞද්ගලික ආයතන වෙත ගොස් පරීක්ෂා කිරීමටත්, එම දීමනාව ගෙවීමට හාම්පුතුන් උනන්දු කරවීමටත් කම්කරු නිලධාරීන් සඳහා දින දෙකක උපදෙස් හා පුහුණු වැඩසටහන් ඊයේ (18දා) ආරම්භ කළ බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න පැවැසීය.

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වැඩිකළ මෙම වැටුප ඒ ඒ ආයතන විසින් සේවකයනට ලබාදීම සිදු කෙරෙන ආකාරය පිළිබඳව වාර්තාවක් කම්කරු නිලධාරීන් වෙතින් ලබා ගැනීම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම මඟින් සිදුකෙරෙනු ඇත.

කම්කරු නිලධාරීන් වෙත පැවැරෙන මෙම වගකීම නිසි අයුරින් කෙරෙනවාද යන්න අධීක්ෂණය කිරීමටද උසස් නිලධාරීන් පිරිසක් යෙදවීමටද ඇමැති ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න අපේක්ෂා කරයි.

රජය වැඩි කළ රුපියල් 2,500ක වැටුප කිසියම් ආයතනයක් විසින් සේවකයාට ලබා නොදෙන්නේ නම් ඒ පිළිබඳව වහාම කම්කරු කොමසාරිස් හෝ තමා හෝ දැනුවත් කරන ලෙසද ඇමැතිවරයා සේවකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

Share on Google Plus