18 පාටිය රනිල්ගෙන් නෙමයි මෛත්‍රීගෙන් ලූ.


ලබන 18 වැනිදා තේ පැන් සංග්‍රහයකට එක්වීමට සියලුම මැති ඇමතිවරුන්ට ජනාධිපති මන්දිරයට ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

එහිදී ජනාධිපතිවරයා ඔවුන් සියළු දෙනාට අවුරුදු සුභපැතුම් එක් කිරීමට නියමිත බවද පැවසේ.

කෙසේ නමුත් මීට පෙර වාර්තා වුයේ අදාල සාදය අග්‍රාමාත්‍යවරයා විසින් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිත බවයි.

නමුත් මෙම සාදයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු සම්බන්ධයක් නොමැති බව ද වර්තා වේ.

ජනාධිපතිවරයා මෙවැනි සාදයක් පවත්වන විට අග්‍රාමාත්‍යවරයා එවැන්නක් සිදු නොකිරීම මේ වන විට එජාපයේ මන්ත්‍රීවරුන්‌ අතර මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති බවයි අපට තව දුරටත් වාර්තා වන්නේ... 

Share on Google Plus