මහින්ද ඒකාබද්ධ විපක්ෂ මැයි රැළියේ


ඒකාබද්ධ විපක්ෂය හා ඒකාබද්ධ වෘත්තීය සමිති  එක්ව කොළඹ කිරුළපන පවත්වන මහා යෝධ මැයි රැළියට එකතුවන ලෙස කල ආරාධනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ  කලේ ඊයේ (15)සවස තංගල්ල කාල්ටන් නිවසට පැමිණි මන්ත්‍රීවරුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවීමෙන් පසු පැවති සාකච්චාවෙන් අනතුරුවයි.

  ඊයේ (15)සවස  මහින්ද රාජපක්ෂ මහතාගේ  තංගල්ල කාල්ටන් නිවසට ඒකාබද්ද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් පැමිණි අතර ඔවුන් කියා සිටියේ අලුත් අවුරුද්ද වෙනුවෙන් එහි පැමිණි බවයි .පැමිණි මන්ත්‍රීවරුන් අතර දිනේස් ගුණවර්ධන ,ගීතාංජන ගුණවර්ධන ,ඩලස් අලහප්පෙරුම ,බන්දුල ගුණවර්ධන ,මහින්ද යාපා , විදුර වික්ක්රම නායක යන මන්ත්‍රී වරුන් හා ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ද විය .

'' ඒ ආරාධනය එතුමා පිලිගැනීම අපේ රටේ සෑම ජන කොට්ඨාසයකටම ධෛර්යයක් ජයග්‍රහණයක්. ජනතාවටම ජයග්‍රහණයක් ඇතිවෙන ගමනකට අපට යෙදෙන්ට පුළුවන් කියන විශ්වාසය අද දකුණේ තංගල්ලෙ සිට මේ නිවසෙන් අපි යළිත් ජනතාවට කියා සිටින බව' දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය.

    මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ  ''සූර්යයා මීන රාශියෙ සිටිද්දී රාජ්‍ය මාධ්‍ය විසින් මතු කරපු ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඒකාබද්ධ විපක්ෂය දියාරු වෙලා දියවෙමින් ගිලිහෙමින් යනවා. ඒ  කස කරුවො දෙන්නෙක් තමයි පහුගිය කාලෙ ආණ්ඩුවට එකතු වුණේ කියලා. අපි ඉතා වගකීමෙන් හැඟීමෙන් කියනවා ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙකුත් නෑ. කිසිම දේශපාලනඥයෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය තුළ නෑ. මේ ආණ්ඩුවට මුක්කුවක් ගහන්න මේ ආණ්ඩවේ කොටස්කාරයෙක් වෙන්න. ''



‘ඒකාබද්ද විපක්ෂෙන් ගත්ත තීන්දුවක්  මැයි දිනය තියෙනවා ඒකට සහභාගී විය යුතුයි කියලා. ඒකෙ මූලාසනේ ගත්තෙ මම. ආණ්ඩුවක් කළමනාකරණය කළ යුතුයි. ඒක කෙරෙන්නෙ නෑ. ඒකට හේතුව මෙකෙ දෙගොල්ලක් සිටීම. මම හැමදාම කියනවා මෙකෙ වගකීම ගන්න කෙනෙක් සිටිය යුතුයි. මෙහි වගකීම ජනාධිපතිවරයා ගන්නෙත් නෑ. අගමැතිවරයා ගන්නෙත් නැති බවයි මිට පෙරදිනයේදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.


කෙසේ නමුත් මැයි දින සැමරුම වෙනුවන් එකම පක්ෂයේ මැයි රැලි දෙකක් පැවැත්වීම සම්බන්ධයෙන් කල විමසුමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ 

‘අපි ශ්‍රීලංකා නිදහස් පක්ෂය විදියටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විදියටත් මැයි දින රැලිය ගාල්ලේ පැවැත්වීම තමයි අපේ බලාපොරොත්තුව. අපිට අවශ්‍ය වන්නේ වෙන කාටවත් වඩා විශාල මැයි රැළියක් නොවෙයි එක්සත් ජාතික පක්ෂයට වඩා ප්‍රධානම මැයි රැලිය පවත්වන්න. මේ වෙලාවේ එක බෙදාගෙන වෙන් වෙන් වසයෙන් පවත්වන්න යනවානම් එක කනගාටුදායක තත්වයක් .මම තවමත් උත්සහ කරන්නේ මේ පක්ෂය දෙකඩ වීම වලක්වන්න ඒ වගේම ඉදිරියේදී ජයග්‍රහණ අත්කරගන්න '


Share on Google Plus