මහින්ද පැරදිලා ගෙදර ගිය හැටි


ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අයෙකුට නිවසට යාමට හෙළිකොප්ටර් ලබාදෙන වෙනත් රටක් ඇත්නම් ප්‍රකාශ කරන්න ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 

එමෙන්ම ආරක්ෂාවට තමා කැමති පරිදි යුද හමුදා නිලධාරීන් හා අධි ආරක්ෂිත වෙඩි නොවදින වාහන රැගෙන ගිය නායකයෙකු වෙනත් රටකින් සොයා සොයා ගැනීමට නොහැකි බවද  ජනාධිපතිවරයා පැවසුයේ  බිබිල ප්‍රදේශයේ අද (09) පැවති රැස්වීමකදීය.

තවද තමන් මැතිවරණයෙන් පරාජයට පත්වූයේ නම් එවැනි තත්ත්වයක් නොලැබෙන බවත් තමන්ට අවශ්‍ය හමුදා සාමාජිකයන් ආරක්ෂාවට තෝරා ගැනීමට හිටපු ජනාධිපතිවරයාට ඉඩ ලැබුණු බවත් ජනාධිපතිවරයා සඳහන්කළේය.

කෙසේ වෙතත්, තමන්ට හෝ අග්‍රාමාත්‍යවරයාට හමුදා ආරක්ෂාව නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.


Share on Google Plus