ගෝඨා සයිලන්ස් වෙයි !


ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහුගේ අනාගත දේශපාලන අරමුණු වෙනුවෙන් ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම උදෙසා වර්තමාන දේශපාලන මත ගැටුම් වලට මැදිහත් නොවී නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ලෙස උපදෙස් ලැබී ඇතැයි වාර්තා වේ.

 2020 වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයකදී ජනාධිපති අපේක්ෂකයා හෝ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ අරමුණින් ඔහු මෙසේ තීරණාත්මක ප්‍රශ්න වලට පමණක් මැදිහත් වෙමින් ප්‍රකාශ නිකුත් කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වන බල අරගලය මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා විසින් කෙසේ විසඳාගනු ලැබුවද ඉදිරි මැතිවරණයක දී වඩාත් ම සුදුසු අපේක්ෂකයා ලෙස ඉස්මතුවීමේ හැකියාව ගෝඨාභය මහතාට පවතින බව ඔහුගේ උපදේශකයින් පෙන්වා දී ඇත. එම නිසා මෙම දෙපාර්ශ්වය සමඟම අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට ඔහුට උපදෙස් ලැබී තිබේ.


පසුගිය දිනයන් හිදී ගෝඨාභය මහතා ශ්‍රී ලනිපයේ ඉහළ තනතුරක් සඳහා පත් කරන මෙන් ද යෝජනාවක් ඉදිරිපත් වී තිබිණි. 

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳව එකඟතාවයක් පෙන්වා තිබුණේ නැත.


Share on Google Plus