සන්ධාන මැයි රැළියට පෙලපාලි දෙකක් - බස් රථ 1100ක් පාක්ෂිකයින් ගෙන්වයි.


ගාල්ල නගරයේ පැවැත්වෙන සන්ධානයේ මැයි රැළිය සදහා ගාල්ල මහමෝදරින් හා ගාල්ල දෙවට ප්‍රදේශයෙන් පෙලපාලි දෙකකින්  සමනළ ක්‍රීඩාංගනයට පැමිණීමට සැලසුම් කොට ඇත.

සන්ධානයේ මැයි දින රැළිය පිළිබද සාකච්ඡා කිරිම සදහා පසුගියදා පස්වරුවේ සන්ධානයේ ජාතික මැයි දින මෙහෙයුම් කමිටුව දකුණු පළාත් ප්‍රධාන ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතාගේ ලබුදුව දක්ෂිණපායේ පිහිටි කාර්යාලයේ දි රැස්ව තිබේ. 

දෙවටින් ආරම්භ වීමට නියමිත ඇති පෙලපාලියේ  සංවිධාන කටයුතු කිරිමේ වගකිම ඇමති චන්දිම වීරක්කොඩි මහතාට පවරා ඇති අතර මහමෝදරින් පැමිණෙන පෙලාපාලියේ සංවිධාන කටයුතු කිරිම දකුණු පළාත් ප්‍රධාන ඇමති ෂාන් විජේලාල්ද සිල්වා මහතා විසින් භාරගෙන ඇත.

මැයිදින රැස්විම සදහා සංස්කෘතික අංග රැසක් එක් කිරීමටද තීරණය කොට තිබේ. මෙම මැයි රැළිය සදහා බස් රථ 1100කින් පමණ සෙනග රැගෙන ඒමට සැලසුම් කොට ඇත.

මේ සදහා ඇමතිවරුන් වන දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, නිශාන්ත මුතුහෙට්ටිගම හා නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, වෘත්තිය සමිති නායකයකුවන ලෙස්ලි දේවේන්ද්‍ර‍ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Powered by Blogger.