යෝෂිතගේ තවත් වැඩ එළියට


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාව තුළ කටයුතු කල කාලයේ සිදුකළ විවිධ ක‍්‍රියාකාරකම් පිළිබඳ අද (10) දිනයේ ද පාර්ලිමේන්තුවේ සංවාද ඇතිවුණා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ දෙදෙහස් හතේ ජනවාරි මාසයේ සිට යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කර ඇත්තේ මාස සීයක් වැනි කාලයක් බවත් එහිදී විදේශ ගමන් වාර 27 ක් සිදු කර ඇති බවත් එය ගණන් බැලීමේදී වැඩිපුර සිට ඇත්තේ විදේශ ගතව බවත් යනුවෙනි.

සුදුසුකම් නැතිව වුවද ඔහුව නාවික හමුදාවට බඳවා ගත්තේ රගර් ප්‍රවර්ධනයටද? නැතහොත් යුද්ධය සඳහා තරුණයින් බඳවා ගැනීම වෙනුවෙන් උත්තේජනයක් දීමේ අරමුණින්දැයි යනුවෙන්ද විමසා සිටියා.  
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවේ ඒ බව විමසිය යුත්තේ හිටපු ජනාධිපතිවරයාගෙන් සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් බවයි. කෙසේවෙතත් යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවත් සඳහන් කළා. 


Share on Google Plus