විමල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.


විමල් වීරවංශ මහතා අද සිටිය යුත්තේ හිරගෙදර බවත්,යහපාලන රජයේ නීතිය මෙයදැයි තමා ප්‍රශ්න කරන බවත් කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච් බුද්ධදාස මහතා අද(25) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

විමල් වීරවංශ මහතාටත්,කුමාර් ගුණරත්නම් මහතාටත් එල්ලවී ඇත්තේ එකම චෝදනා වුවද කුමාර් හිරේ සිටිද්දී විමල් පාර්ලිමේන්තුවේ සිටින්නේ කෙසේදැයි හිටපු නගරාධිපතිවරයා අවධාරණය කළේය.

නීතිය සැමට එක සේ සර්ව සාධාරණව ක්‍රියාත්මක විය යුතුව ඇති බවත්,විමල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

Powered by Blogger.