අධිකරණ ඇමති පාතාල මරාගැනීම් සධාරණීකරණය කරයි.


ධිකරණයේ දී යුක්තිය හා සාධාරණත්වය ඉටුනොවන විට මිනිසුන් නීතිය අතට ගෙන කටයුතු කිරීම වැළැක්විය නොහැකි බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ම්පාර අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මාධ්‍ය වෙත පවසා තිබේ.

විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය අනුව පසුගිය ආසන්න කාලසීමාවේ සිදු වූ පාතාල වෙඩිතබා ගැනීම් සිදුව ඇත්තේ අධිකරණයේ දී යුක්තිය හා සාධාරණත්වය ඉටුනොවීම මත මිස ඒ සිදු වූවේ දේශපාලන බලය සහිත පාතාල සාමාජිකයන් අතර සිදු වූ මරා ගැනීමක් නොවේ ය. 

කෙසේ නමුත් රටේ අධිකරණය බාර ඇමතිවරයාටම මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමට වීම ඉතාම කණගාටුවට කරුණකි. පසුගිය පාලන සමයේ විශාල ලෙස මහජන දේපළ අයතා ලෙස පරිහරණය කළ පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරිමේදී අධිකර ඇමතිවරයා ලෙස විජේදාස රාජපක්ෂ මහතා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ල කළ බවට චෝදනා එල්ල වී තිබේ. විශේෂයෙන් ඇවන් ගාඩ් සිදු වීමේදී නීතිපති දෙපාර්තමේන්තුවට ඔහු සිදු කළ බලපෑම් සහගත මැදිහත් වීම මත ඔවුන් අධිකරණයේදී නිදහස් වූ බවටද විවිධ පාර්ශවයන්ගෙන් ඔහුට චෝදනා එල්ල විය.

Share on Google Plus