ජනපති කතා කරද්දී විදුලිය කැපේ - සම්මානයකුත් අඳුරේම පිරිනැමේ.


අද (29) පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතයා වූ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා උත්සව සභාව අමතමින් සිටියදී හදිසියේ විදුලිය විසන්ධි වුණා.

වයඹ පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ සම්මාන උළෙලට මෙසේ ජනාධිපති ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියා.

රටේ පවත්නා අයහපත් කාලගුණය නිසා විදුලිය විසන්ධි කිරීමට යෝජිතව තිබුණද එසේ නොකරන බව විදුලි බල අමාත්‍යංශය කියා සිටියත් ජනපති කථාව අරඹා කෙටි වේලාවකට පසු විදුලිය විසන්ධි වුණා.

පසුව ජනාධිපති සිය කතාව අවසන් කර වේදිකාවෙන් බැස පැමිණි අතර එහිදී ජනාධිපතිවරයාට ලබාදීමට වෙන් කර තිබූ සම්මානයක්ද අඳුරේම ප්‍රධානය කරන්නට සංවිධායකයින්ට සිදු වුණා. ශාලාව විනාඩි 10 ක් පමණ මෙලෙස අඳුරේ තිබූ බවයි වාර්තා වුණේ.

Share on Google Plus