Ads Top

Ray Ad

පක්ෂය ආරක්ෂා කර ගන්න මහින්ද අගමැති කළ යුතුයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ එසේ නොමැති වුවහොත් ජනතා මතයට ඇහුන්කන් දෙමින්  වෙනම දේශපාලන පක්ෂයක් පිහිට විය යුතු බවයි.

කැස්බෑව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර මාතලේ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී දඹුල්ල ප්‍රාදේශිය සහභාවේ හිටපු ප්‍රාදේශිය සහභා මන්ත්‍රී ඩබ්ලිව්. ඒ රූපසිංහ මහතා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයෙකුට කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළ යුතු බවයි.

Powered by Blogger.