මහින්දව විකුණණවා? : Video


පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට පෝලිම් බුත් නියොජිතයන්ට පවා සල්ලි දුන්නත් රාජපක්ෂ මහතා පරාජයට පත් වූ බවත් එම මැතිවරණයේදී කාර්යාල බැනරයේ සිට පාප්ප බාල්ලිදිය දක්වා ගම් මට්ටමටම ලබා දුන්නද එසේ ජයග්‍රහණය කිරීමට නොහැකි වුන කාරණා තේරුම් නොගෙන කඩාකප්පල් කාරී ලෙස කටයුතු කිරීමෙන් පළක් නොවන බවත් අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා පවසයි.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ පළමු වතාවට පෝලිම් බූත් නියෝජිතයා දක්වාම මුදල් වියදම් කළ බවය. කුඩා කුඩා පක්ෂ මහන්ද රාජපක්ෂ මහතාව විකුණමින් තම ජනප්‍රියත්වය ගොඩනගා ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පවසයි.

අමාත්‍ය මේ බව පැවසූවේ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ය.



Share on Google Plus