වැඩ බැරි ටාසන්ලාට එජාප ලොකු පුටු නෑ.


යහපාලන ජාතික රජයේ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුර ලබාගෙන අසාර්ථක වූ අයට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු ලබා නොදෙන ලෙස එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඊයේ (30) ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

පසුපෙළ මන්ත්‍රීවරුන්ට පක්ෂයේ වගකීම් ලබාදීම වෙනුවෙන් කළ පක්ෂ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම කර තිබේ.

විෂයයන් කිහිපයක් ඇති අමාත්‍යාංශයක තනතුරක් ගෙන එය නිසි ලෙස කළ නොහැකි අයෙකුට රටම ආවරණය කළ හැකි පක්ෂයේ තනතුරක් දරන්නේ කෙසේදැයි අදාළ මන්ත්‍රීලා විමසා ඇතැයි පැවසේ.

පක්ෂයේ ප්‍රධාන තනතුරුවල සිටින කිසිවෙකු මැතිවරණයේදී තමන්ට සහය ලබා නොදුන් බවද මේ මන්ත්‍රීවරු අගමැතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසීමකින් තොරව සිදු නොකරන බවටද අගමැතිවරයා මෙහිදී ඔවුන්ට පොරොන්දු වී ඇතැයි වාර්තා වේ.

-SLM

Share on Google Plus