එක්සත් ජාතීන්ගෙන් ලංකාවට කොළ එළියක්


මෙරට මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදුකළ  යෝජනාව ක්‍රියාත්මක කිරීමට තවදුරටත් කල් ලබාදීමට ජගත් සංවිධානය එකග වී ඇතැයි මෙරට විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

උතුරේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් වන පැමිණිලි විභාග කිරීම සඳහා දේශීය අධිකරණයක් වෙතින් සිදුකිරීම වෙනුවෙන් වූ විශ්වාසයක් ජගත් සංවිධානය තුල ගොඩ නැගීමට ආණ්ඩුව කටයුතු කරන බවට වාර්තා වේ.

මේ සඳහා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ උතුරේ සංවර්ධන කටයුතු වේගවත් කිරීම වැනි දේ සිදුකිරීමට ආණ්ඩුව උත්සුක වෙයි.

එහෙත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කරමින් පවතින ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරවීම, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, නඩරාජා රවිරාජ් ඝාතනය, ජෝසප් පරරාජසිංහම් ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය සහ ත‍්‍රිකුණාමලය නාවික හමුදාව පාසල් සිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නෛතික ක‍්‍රියාවලිය නිසියාකාරව සිදු විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් දැඩිව විමසිල්ලෙන් පසුවන බවත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇත.



Share on Google Plus