මම දැන්ම යන්නේ නෑ


විස්සයි විස්ස ලෝක කුසලානය අවසානයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට අදහසක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිලකරත්න ඩිල්ශාන් පවසයි

ඇෆ්ගනිස්තානය සමග පැවති තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කළ තිලකරත්න දිල්ශාන් පන්දු 56 කින් නොදැවී ලකුණු 83ක් ලබා ගත් අතර ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඩිල්ශාන් විශ්‍රාම යාමේ අදහසක් නොමැති බව ප්‍රකාශ කළේ.

‘මට මෙහෙම පන්දුවට පහර දෙන්න හැකිනම් මම විශ්‍රාම යාමක් ගැන හිතන්නේ නැහැ, මම මගේ ක්‍රීඩාව තුලින් ආස්වාදයක් ලබනවා, ඉතින් විශ්‍රාම යාම ගැන මම හිතල නැහැ, මගේ රටට පුළුවන් තාක් කල් ක්‍රීඩා කිරීම මගේ අරමුණයි’

‘හෙට උදේ නැගිටිලා මට හිතුනොත් මම විශ්‍රාම ගන්න ඕනේ කියල මම විශ්‍රාම ගන්නවා, හැබැයි තවම මට එහෙම හිතිලා නැහැ’
කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයෙකු ලෙස තමන්ට අවශ්‍ය වූයේ කණ්ඩායමට ජයග්‍රාහී ආරම්භයක් ලබා දීම බව පැවසූ තිලකරත්න ඩිල්ශාන් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ඉරිදා පැවැත්වෙන තරගයේ ද හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් කළේ

Share on Google Plus