තාජුඩීන් ඝාතනයට මේජර් තිස්ස හමුදා භාරයට.


ගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඍජු චෝදනා එල්ල වී ඇති ශ‍්‍රී ලංකා යුද හමුදාවේ කැප්ටන් තිස්ස විමලසේන සම්බන්ධ වගකීම ශ‍්‍රී ලංකා යුද හමුදාව භාරගත යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකා යුද හමුදාවට දන්වා ඇතැයි වාර්තා වේ. මොහුගේ ජීවිතය සම්බන්ධ වගකීම මෙන්ම මෙරටින් බැහැර යා නොදී තාජුඩීන් ඝාතනය සම්බන්ධ නඩු විභාගයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීම ද යුද හමුදාව මේ අනුව භාරගත යුතුය.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත යුතුව ඇති නමුත් මොහුව උතුරු පළාතේ හමුදා කඳවුරක ආරක්ෂාව යටතේ රඳවා තබාගෙන ඇති බව පොලීසිය විශ්වාස කරයි. මේ වන විට මොහු මෙරටින් බැහැර යාම වළක්වාලීමට අධිකරණ නියෝගයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන ඇත. කැප්ටන් තිස්ස මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම ආරක්ෂකයකු ලෙස සේවය කළ තැනැත්තෙකි.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි යටපත් කිරීමේ චෝදනාව එල්ල වී ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා හා මේ මරණය සම්බන්ධයෙන් ව්‍යාජ අධිකරණ වෛද්‍ය වාර්තාවක් සැකසූ බවට චෝදනා එල්ල වී ඇති රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා ඇතුළු කිහිප දෙනකු ඉදිරි සතියේ දී අත්අඩංගුවට ගැනීම සිදු වනු ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

Share on Google Plus