මහ ඇමති වහාම ඉල්ලා අස් විය යුතුයි



ඌව පළාත් සභාවේ මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා සිදු කර ඇති මුදල් වංචාවන් සම්බන්ධයෙන් ඌව පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සිදු කළ ප්‍රකාශය වැරදි බවත් එය නිවැරදි යැයි ඔප්පු කළ හොත් තමන් මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවත් පසුගියදා මහ ඇමතිවරයා ප්‍රකාශ කර තිබූනි.

 සමන්ත වද්‍යාරත්න මහතා අද (25) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  පැවසූවේ තමන් මහ ඇමතිවරයාට එල්ල කළ චෝදනා ඔප්පු වී අවසන් බැවින් මහ ඇමතිවරයා වරදකරු වී ඇති බවයි. 

එම නිසා ඔහු දැන් වහාම මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් සමන්ත විද්‍යාරත්න මහතා පවසා සිටී. 

මාධ්‍ය හමුවේ සම්පූර්ණ විස්තරය බලාපොරොත්තු වන්න...
Share on Google Plus