මරික්කාර්ගේ ආණ්ඩුව නොකළ දේ මරික්කාර් ම කියයි.


පසුගිය ආණ්ඩුව වගේ නව රජය බොරු සංදර්ශන දාල මාකටින් කරන්න ගියේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කොළොන්නාව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ‘2015 මහින්ද මහත්තයාගේ ගොවි ජනතාව ගැන හිතනවා කිව්ව  අයවැයෙන් වෙන් කලේ රුපියල් බිලියන 35 ක් විතරයි. ඒත් අපේ ආණ්ඩුව රුපියල් බිලියන 37.5 ක් වෙන් කළා. ගිය ආණ්ඩුවෙන් වෙන් කළ මුදලට වඩා මිලියන 2500 ක් වැඩියෙන් වෙන් කරලා තියෙනවා.එහෙම වෙන් කරලත් අපි ඉල්ලන් කාලා තියෙනවා  ' යනුවෙනි.

‘ අපිට මේ ආර්ථික භාර දෙනකොට 19 % කට තිබූ බදු ආදායම 10.2% අඩු වෙලා. 2013  රටේ මුළු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1153යි ඒත් බිලියන.1162ක් ණය පොළි වාරික ගෙවීම සදහා වැයකරලා තියෙනවා. ඒ වගේම 2014 වර්ෂය අවසානයේ දී රජයේ ණය රුපියල් බිලියන 7,373කි. ඒ අනුව ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 357,233ක් වෙනවා.  නමුත් ඇත්තම පසුගිය සමයේ රජයේ ණය රුපියල් බිලියන 8,817ක් පමණ වෙනවා. අවසානයේ මේ දේවල් වල බර පැටවිලා තියෙන්නේ අපිටයි. එත් මේ බාධක ජයගෙන කොහොමහරි අපේ ආණ්ඩුව යටතේ ආර්ථිකය ගොඩ නැංවීමට කටයුතු කරනවා' යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

Share on Google Plus